Monday, January 23, 2012

Nanny McPhee Returns ( මෙහෙමත් ළමයි )


 කතාව පටන්ගන්නේ ඉතාම දඟ ළමයි ඉන්න ගෙදරකින් . මේ ළමයින්ගේ තාත්ත යුද්දෙට ගිහින්, ඉතින් ළමයි බලාගන්නේ අම්මා .මෙයාලට ගොවිපොළක් තියෙනවා . මෙයාල ජීවත් වෙන්නේ ඒකෙන් .කොහොමෙන් කොහොම හරි අම්මට මේ ළමයින්ගේ රණ්ඩු නවත්වන්න බොහොම අමාරුයි .ඔය අතර ම බිහිසුණු යුද්ධය නිසා එක දවසක් මේ ළමයිගේ නෑයෝ එයාලගේ ගෙදර එනවා ටික කාලෙකට නවතින්න මොකද  නෑයෝන්  ඉන්න ප්‍රදේශයට ඒ කාලයේ  සතුරෝ බෝම්බ දමන නිසා .දැන් ඉතින් රණ්ඩු ඩබල් ට්‍රිබල් වෙනවා .අම්මට මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ . ඉතින් එදා රෑ මේ ගෙදරට මැක්ෆි  කියල ආයා කෙනෙක් ඒ කියන්නේ ළමයි බලා ගන්න කෙනෙක් එනවා .එය ඇත්තටම කිව්වොත් හරියට මැජික් කාරයෙක් වගෙයි එයා එක එක වැඩ කෑලි  වලින් මුළු පවුලම සමඟි කරනවා.  අන්තිමට මේ ළමයින්ගේ මාමා කෙනෙක් බොරු පණිවිඩයක් එවනවා මේ ළමයින්ගේ තාත්ත යුද්දෙදි මැරිලා කියාලා. එහෙම කරන්නේ ගොවිපොළේ අයිතිය ගන්න . කොහොමෙන් කොහොම හරි මේ ගෙදර ඉන්න කොල්ලා මේක පිළිගන්නේ නෑ ,එයා ඔප්පු කරනවා තාත්තා මැරිලා නෑ කියල .අන්තිමට යුද්ධය ඉවර වුනාට පස්සේ තාත්ත ගෙදර ආවා මැක්ෆි  ආයා යන්න යනවා .මේක හරි සංවේදී කතාවක්. මම මේක ටි.වී එකේ බැලුව .මේකෙන් ගොඩක් හොඳ ආදර්ශයකුත් දෙනවා . මේකෙන් කියන්නේ එකතු වෙලා වැඩ කලොත් ඕනෑම දෙයක් කරන්න හැකියි කියා .මම හිතනවා ඔයාලත් මේක බලයි කියලා. බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .




ටොරන්ට් බාගත කරන්න -  The Pirate Bay
                                          Torrentz .eu

IMDB Rating                  -  IMDB Rating

බලල ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ 

2 comments:

  1. මමත් ගොඩක් ආසාවෙන් බලපු චිත්‍රපටියක්.මේකේ මුල් කොටස Nanny McPheැ නේද?Nanny McPhee Returns 2කොටස

    ReplyDelete
  2. මමත් මේක ටිවී එකේ බැලුවා, නියම කතාවක්,ලිපියට ස්තුතියි. :)

    ReplyDelete