Thursday, September 13, 2012
After Effects සරල සිංහලෙන්
හලෝ යාලුවනේ ඔන්න ඉතින් මම කිව්වා වගේම මගේ පලවෙනි After Effects tutorial එක නිකුත් කලා .මම හිතනවා ඔයාල ඒ tutorial එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තයි කියල. කොහොමහරි මම මගේ දෙවෙනි tutorial එකත් ලබන සතිය ඇතුලත නිකුත් කිරීමට බලාපොරුත්තු වෙනවා .
Wednesday, September 12, 2012
Tutorial 1. - After Effects ( After Effects Basics )
ඔන්න යාලුවනේ මම කිව්වා විදියට මගේ පලවෙනි After Effects video tutorial එක නිකුත් කලා.මෙම tutorial එක තනිකරම කියල දෙන්නේ සිංහල භාෂාවෙන් . මෙහි අන්තර්ගත වී ඇත්තේ After Effects Basics ගැනයි. ඉතින් යාලුවනේ පල්ලෙහා තියෙන video tutorial එක බලල ඔයාලට After Effects Basics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) , පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download කරන්න
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit
To watch this video more larger go to youtube - http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp
මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) , පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download කරන්න
Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit
To watch this video more larger go to youtube - http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp
Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.
Tuesday, September 11, 2012
After Effects සරල සිංහලෙන්
හලෝ යාලුවනේ මම හිතන්නේ මම බ්ලොග් එක පැත්තේ ආවේ සැහෙන කාලෙකින්.කොහොමහරි මම මේපාර හිතුව ටිකක් අමුතු වැඩක් කරන්න, ඒ තමයි Adobe After Effects වලින් වැඩ කරන හැටි මුල සිට අගට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න. ඉතින් ඒ සඳහා මම video tutorials ගණනාවක්ම upload කිරීමට බලපොරුත්තුව ඉන්නවා. ඒ සෑම video tutorial එකකම Adobe After Effects වලින් වැඩ කරන හැටි සිංහලෙන් කියල දෙනවා. මම හිතන්නේ After Effects වලට කැමති ඔයාලට After Effects වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න මේක නියම අවස්ථාවක්. මගේ පලවෙනි tutorial එක මේ මාසය ඇතුලත ලබා දීමට බලාපොරුත්තු වෙනවා . මේ ගැන අනිත් අයටත් කියන්න . දැන්මම ලෑස්ති වෙන්න ඒ කුල්ම කූල් අත්දැකීම විදින්න .
Monday, January 23, 2012
Nanny McPhee Returns ( මෙහෙමත් ළමයි )
කතාව පටන්ගන්නේ ඉතාම දඟ ළමයි ඉන්න ගෙදරකින් . මේ ළමයින්ගේ තාත්ත යුද්දෙට ගිහින්, ඉතින් ළමයි බලාගන්නේ අම්මා .මෙයාලට ගොවිපොළක් තියෙනවා . මෙයාල ජීවත් වෙන්නේ ඒකෙන් .කොහොමෙන් කොහොම හරි අම්මට මේ ළමයින්ගේ රණ්ඩු නවත්වන්න බොහොම අමාරුයි .ඔය අතර ම බිහිසුණු යුද්ධය නිසා එක දවසක් මේ ළමයිගේ නෑයෝ එයාලගේ ගෙදර එනවා ටික කාලෙකට නවතින්න මොකද නෑයෝන් ඉන්න ප්‍රදේශයට ඒ කාලයේ සතුරෝ බෝම්බ දමන නිසා .දැන් ඉතින් රණ්ඩු ඩබල් ට්‍රිබල් වෙනවා .අම්මට මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ . ඉතින් එදා රෑ මේ ගෙදරට මැක්ෆි කියල ආයා කෙනෙක් ඒ කියන්නේ ළමයි බලා ගන්න කෙනෙක් එනවා .එය ඇත්තටම කිව්වොත් හරියට මැජික් කාරයෙක් වගෙයි එයා එක එක වැඩ කෑලි වලින් මුළු පවුලම සමඟි කරනවා. අන්තිමට මේ ළමයින්ගේ මාමා කෙනෙක් බොරු පණිවිඩයක් එවනවා මේ ළමයින්ගේ තාත්ත යුද්දෙදි මැරිලා කියාලා. එහෙම කරන්නේ ගොවිපොළේ අයිතිය ගන්න . කොහොමෙන් කොහොම හරි මේ ගෙදර ඉන්න කොල්ලා මේක පිළිගන්නේ නෑ ,එයා ඔප්පු කරනවා තාත්තා මැරිලා නෑ කියල .අන්තිමට යුද්ධය ඉවර වුනාට පස්සේ තාත්ත ගෙදර ආවා මැක්ෆි ආයා යන්න යනවා .මේක හරි සංවේදී කතාවක්. මම මේක ටි.වී එකේ බැලුව .මේකෙන් ගොඩක් හොඳ ආදර්ශයකුත් දෙනවා . මේකෙන් කියන්නේ එකතු වෙලා වැඩ කලොත් ඕනෑම දෙයක් කරන්න හැකියි කියා .මම හිතනවා ඔයාලත් මේක බලයි කියලා. බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .
ටොරන්ට් බාගත කරන්න - The Pirate Bay
Torrentz .eu
IMDB Rating - IMDB Rating
බලල ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ
අත් අකුරින් බ්ලොග් ලිවීමේ නවතම කලාව
ඇත්තටම මට මේ අදහස දුන්නේ මගේ යාලුවෙක් ( නුවන්ග ) .මට පොඩි ආසාවක් තිබුන බ්ලොග් එක අත් අකුරින් ලියන්න .ඉතින් මම මගේ ලිපිය A4 පිටුවක ලියලා එක මගේ Scanner එකෙන් ස්කෑන් කරා.ඉතින් යාලුවනේ මම අත් අකුරින් ලිව්වා පලවෙනි ලිපිය තමයි පල්ලෙහා තියෙන්නේ .ඉතින් යාලුවනේ මගේ අදහස ගැන ඔයාලත් ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ.
1. Drop My Site
ඉහත සඳහන් ලිපියෙහි සේවය ලබා ගැනීමට https://www.dropmysite.com/ වෙත පිවිසෙන්න
1. Drop My Site
ඉහත සඳහන් ලිපියෙහි සේවය ලබා ගැනීමට https://www.dropmysite.com/ වෙත පිවිසෙන්න
Sunday, January 22, 2012
Knowing ( අනාගතයේ සිදු වන අනතුරු නවත්වා දැමිය හැකිද ?)
මෙම කතාව ගලාගෙන යන්නේ ලෝකේ විනාශය පිළිබඳව . මෙම කතාව ආරාම්භ වෙන්නේ පාසලකිනි . එම පාසලේ උත්සවයකට හැම ළමයෙක්ම අනාගතයේදී විය හැකි දේවල් පිළිබඳව තමන්ගේ සිතුවිලි කොලයකට නඟා ඒ සෑම කොලයක්ම පාසලේ වළලයි. එක් ළමයෙක් කොලයක අංක ටිකක් ලියාගෙන යයි. කාටවත් තේරෙන්නේ නෑ මේ මොකක්ද කියලා . අවුරුදු ගණනාවකට පස්සේ මේ සෑම කොලයක්ම නැවත එලියට අරගෙන වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන ළමයින්ට බෙදා දෙනවා . අර අත්භූත කොලය ලැබෙන ළමයාගේ තාත්තා හොයාගන්නවා මේ මොකක්ද කියලා . ඒ කොලයේ තිබෙන අංක වලින් පවසන්නේ අනාගතයදී වන අනතුරු ගැන . මෙම තාත්තා එම අනතුරු නැවැත්වීමට කොතරම් උත්සාහ කලත් ලෝකය විනාශ වෙනවා . එහෙත් ඔහුගේ ළමයත් තවත් ළමයෙකුත් යම් අත්භුත මිනිස් කාණ්ඩයක් සමඟ ජීවිතය බේර ගන්නවා .
ටොරන්ට් බාගත කරන්න - Knowing (2009 )
IMDB Rating - IMDB Rating
බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .
ටොරන්ට් බාගත කරන්න - Knowing (2009 )
IMDB Rating - IMDB Rating
බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .
Rush Hour (බලනවා නම් බලන්න මෙන්න ටොප් ෆිල්ම්)
![]() |
![]() |
![]() |
![]() |
බාගත කරන්න - 1. The pirate Bay.com (link 1)
IMDB Rating - IMDB ( Link )
Wednesday, January 18, 2012
ඔවදනක්
එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින් ,ඉඳගන්න-තව කෙනෙකුට අපහසුවක් නොවෙන අයුරින් ,
කන්න - ඔබට ප්‍රමාණවත් තරම් ,
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවෙන යමක් ,
ලියන්න - දැනුමත් , වින්දනයත් ලබා ගත හැකි යමක් ,
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් නොවෙන යමක් ,
කතා කරන්න- අවශ්‍ය දෙයක් පමණක්,
සිනහ වෙන්න - සමච්චලයට නොව හදවතින්ම ,
කියන්න - අයහපතක් නොවන ඕනෑම දෙයක් ,
අහන්න - කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් ඕනෑකමින් ,
බලන්න - දෙනෙතට මනසට ප්‍රිය කරන දෙයක් ,
ඉන්න - කිසි විටක කිසිවකුට කරදරයක් නොවන අයුරින් ,
අඳින්න - පිරිසිදුව චාම්ව සංස්කෘතියට ගැලපෙන සේ ,
ඉගෙන ගන්න - හැම වෙලාවකම යමක් ,
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන් ,
උත්සාහ කරන්න - උත්සාහ කලොත් කල නොහැකි දෙයක් නොමැති නිසා ,
සෝදන්න -අනෙක්වා මෙන් හදවතත් ,
ඉතිරි කරන්න - ටිකින් ටික සතෙන් සතේ අනාගතය වෙනුවෙන් ,
නාන්න - ගතත් සිතත් පිරිසිදු වන අයුරින් ,
නිදා ගන්න - විරාමයක් ලබා ගන්නට පමණක් ,
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු ලෙසින් ,
ඇවිදින්න - බලන්නට බොහෝ දේ ඇති නිසා ,
යන්න - යා යුතු මඟ ඉදිරියට නොබියව ,
හදන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙක් ,
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කල සැබෑ මනුෂ්‍යයෙක් ලෙස සතුටින් ,
Saturday, January 7, 2012
Let's Crate
ෆයිල් upload කොට රැදවිය හැකි Let's Crate.
පරිගණකයේ ඇති නොයෙක් ෆයිල්ස් බැකප් කිරීමට මේ වෙත එක් කළ හැක .ඊට අමතර වශයෙන් ඒවා හිත මිතුරන් වෙත ලබා දීමේ අතරමැදි ස්ථානයක් ලෙසද මෙම වෙබ් සේවය භාවිතා කරන්නට පුළුවන.
එයට පිවිසීමට සහ වැඩි විස්තර සඳහා -http://www.letscrate.com/
පරිගණකයේ ඇති නොයෙක් ෆයිල්ස් බැකප් කිරීමට මේ වෙත එක් කළ හැක .ඊට අමතර වශයෙන් ඒවා හිත මිතුරන් වෙත ලබා දීමේ අතරමැදි ස්ථානයක් ලෙසද මෙම වෙබ් සේවය භාවිතා කරන්නට පුළුවන.
එයට පිවිසීමට සහ වැඩි විස්තර සඳහා -http://www.letscrate.com/
Tuesday, September 20, 2011
lynda.com -විවිධ මෘදුකාංග වලින් වැඩ කරන හැටි වීඩියෝ ක්ලිප් මඟින් ඉගෙන ගන්න
lynda.com
මෙම වෙබ් අඩවියෙන් විවිධ ජනප්‍රිය මෘදුකාංග වලින් වැඩ කරන්නෙ කොහොමද යන්න පෙන්වන වීඩියෝ ක්ලිප් දැක බලා ගත හැකි අතර එමගින් ඔබට එම මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කෙසේදැයි ඉගෙනගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත.
ඔබට අවශ්‍ය වීඩීයෝ ක්ලිප් දැක බලාගැනීමට http://www.lynda.com/ වෙත පිවිසෙන්න.
Subscribe to:
Posts (Atom)









