Saturday, September 15, 2012

Tutorial 2 - Lens Flare ( After effects)

ඉතින් යාලුවනේ මම මගේ දෙවෙනි tutorial එකත් නිකුත් කරා. මෙම video එක බැලීමෙන් "Lens Flare" වලින් වැඩ කරන හැටි සරලව ඉගෙන ගැනීමට හැකිය. ඊට අමතරව text එහෙකට cool blur effect එකක් දැමීමටද ඉගෙන ගැනීමට  හැකිය .

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts ,Ae Save Files සහ අනිකුත් සියලුම files ( Tutorial Files) ,  video tutorial එක යට තිබෙන ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය file එක click කර Ctrl +S හෝ File tab එකට ගොස් download යන්න click කිරීමෙන් File එක  බාගත කිරීමට හැකිය .

Download Tutorial Files   -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToVEdSRVpnSzRSYVk/edit

Watch this more larger - http://www.youtube.com/watch?v=GOQnPfFDtYI&feature=youtu.be


Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.







Thursday, September 13, 2012

After Effects සරල සිංහලෙන්

හලෝ යාලුවනේ ඔන්න ඉතින් මම කිව්වා වගේම මගේ පලවෙනි After Effects tutorial එක නිකුත් කලා .මම හිතනවා ඔයාල ඒ tutorial එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තයි කියල. කොහොමහරි මම මගේ දෙවෙනි tutorial එකත් ලබන සතිය ඇතුලත නිකුත් කිරීමට බලාපොරුත්තු වෙනවා .

Wednesday, September 12, 2012

Tutorial 1. - After Effects ( After Effects Basics )

ඔන්න යාලුවනේ මම කිව්වා විදියට මගේ පලවෙනි  After Effects video tutorial එක නිකුත් කලා.මෙම tutorial එක තනිකරම කියල දෙන්නේ සිංහල භාෂාවෙන් . මෙහි අන්තර්ගත වී ඇත්තේ  After Effects  Basics  ගැනයි. ඉතින් යාලුවනේ පල්ලෙහා තියෙන   video tutorial  එක බලල ඔයාලට  After Effects  Basics ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.

මෙම tutorial එකේ භාවිතා වන සියලුම videos , pictures, fonts  සහ අනිකුත් සියලුම files ( Tutorial Files ) ,  පහත තිබෙන ලින්ක් එක click කර Ctrl+S click කරන්න නැත්නම් File tab එකට ගොස් download  කරන්න

Download Tutorial Files -https://docs.google.com/folder/d/0B2D7hL5C1kToS2o2WWNydnBqTTA/edit

To watch this video more larger go to youtube -  http://www.youtube.com/watch?v=yLOhbC6E9oc&feature=plcp

Power up your speakers to get a clear sound. නියම ශබ්දය ලබා ගැනීමට ඔබගේ speakers වල volume එක පණගන්වන්න.


Tuesday, September 11, 2012

After Effects සරල සිංහලෙන්

හලෝ යාලුවනේ මම හිතන්නේ මම බ්ලොග්  එක පැත්තේ ආවේ සැහෙන කාලෙකින්.කොහොමහරි මම මේපාර හිතුව ටිකක් අමුතු වැඩක් කරන්න, ඒ තමයි Adobe  After Effects  වලින් වැඩ කරන හැටි මුල සිට අගට සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්න. ඉතින් ඒ සඳහා මම video tutorials ගණනාවක්ම upload කිරීමට බලපොරුත්තුව ඉන්නවා. ඒ සෑම video tutorial එකකම  Adobe  After Effects  වලින් වැඩ කරන හැටි සිංහලෙන් කියල දෙනවා. මම හිතන්නේ  After Effects  වලට කැමති ඔයාලට After Effects  වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න මේක  නියම අවස්ථාවක්. මගේ පලවෙනි tutorial එක මේ මාසය ඇතුලත ලබා දීමට බලාපොරුත්තු වෙනවා . මේ ගැන අනිත් අයටත්  කියන්න . දැන්මම ලෑස්ති වෙන්න ඒ කුල්ම කූල් අත්දැකීම විදින්න .

Monday, January 23, 2012

Nanny McPhee Returns ( මෙහෙමත් ළමයි )


 කතාව පටන්ගන්නේ ඉතාම දඟ ළමයි ඉන්න ගෙදරකින් . මේ ළමයින්ගේ තාත්ත යුද්දෙට ගිහින්, ඉතින් ළමයි බලාගන්නේ අම්මා .මෙයාලට ගොවිපොළක් තියෙනවා . මෙයාල ජීවත් වෙන්නේ ඒකෙන් .කොහොමෙන් කොහොම හරි අම්මට මේ ළමයින්ගේ රණ්ඩු නවත්වන්න බොහොම අමාරුයි .ඔය අතර ම බිහිසුණු යුද්ධය නිසා එක දවසක් මේ ළමයිගේ නෑයෝ එයාලගේ ගෙදර එනවා ටික කාලෙකට නවතින්න මොකද  නෑයෝන්  ඉන්න ප්‍රදේශයට ඒ කාලයේ  සතුරෝ බෝම්බ දමන නිසා .දැන් ඉතින් රණ්ඩු ඩබල් ට්‍රිබල් වෙනවා .අම්මට මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුවයි ඉන්නේ . ඉතින් එදා රෑ මේ ගෙදරට මැක්ෆි  කියල ආයා කෙනෙක් ඒ කියන්නේ ළමයි බලා ගන්න කෙනෙක් එනවා .එය ඇත්තටම කිව්වොත් හරියට මැජික් කාරයෙක් වගෙයි එයා එක එක වැඩ කෑලි  වලින් මුළු පවුලම සමඟි කරනවා.  අන්තිමට මේ ළමයින්ගේ මාමා කෙනෙක් බොරු පණිවිඩයක් එවනවා මේ ළමයින්ගේ තාත්ත යුද්දෙදි මැරිලා කියාලා. එහෙම කරන්නේ ගොවිපොළේ අයිතිය ගන්න . කොහොමෙන් කොහොම හරි මේ ගෙදර ඉන්න කොල්ලා මේක පිළිගන්නේ නෑ ,එයා ඔප්පු කරනවා තාත්තා මැරිලා නෑ කියල .අන්තිමට යුද්ධය ඉවර වුනාට පස්සේ තාත්ත ගෙදර ආවා මැක්ෆි  ආයා යන්න යනවා .මේක හරි සංවේදී කතාවක්. මම මේක ටි.වී එකේ බැලුව .මේකෙන් ගොඩක් හොඳ ආදර්ශයකුත් දෙනවා . මේකෙන් කියන්නේ එකතු වෙලා වැඩ කලොත් ඕනෑම දෙයක් කරන්න හැකියි කියා .මම හිතනවා ඔයාලත් මේක බලයි කියලා. බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .




ටොරන්ට් බාගත කරන්න -  The Pirate Bay
                                          Torrentz .eu

IMDB Rating                  -  IMDB Rating

බලල ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ 

අත් අකුරින් බ්ලොග් ලිවීමේ නවතම කලාව

ඇත්තටම මට මේ අදහස දුන්නේ මගේ යාලුවෙක් ( නුවන්ග ) .මට පොඩි ආසාවක් තිබුන බ්ලොග් එක අත් අකුරින් ලියන්න .ඉතින් මම මගේ ලිපිය A4  පිටුවක ලියලා එක මගේ Scanner එකෙන් ස්කෑන් කරා.ඉතින් යාලුවනේ මම අත් අකුරින් ලිව්වා පලවෙනි ලිපිය තමයි පල්ලෙහා තියෙන්නේ .ඉතින් යාලුවනේ මගේ අදහස ගැන ඔයාලත් ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ.


1. Drop My Site








ඉහත සඳහන් ලිපියෙහි සේවය ලබා ගැනීමට  https://www.dropmysite.com/ වෙත පිවිසෙන්න 

Sunday, January 22, 2012

Knowing ( අනාගතයේ සිදු වන අනතුරු නවත්වා දැමිය හැකිද ?)

මෙම කතාව ගලාගෙන යන්නේ ලෝකේ විනාශය පිළිබඳව . මෙම කතාව ආරාම්භ වෙන්නේ පාසලකිනි . එම පාසලේ උත්සවයකට  හැම ළමයෙක්ම අනාගතයේදී විය හැකි දේවල් පිළිබඳව තමන්ගේ  සිතුවිලි කොලයකට නඟා ඒ සෑම කොලයක්ම පාසලේ වළලයි. එක් ළමයෙක් කොලයක අංක ටිකක් ලියාගෙන යයි. කාටවත් තේරෙන්නේ නෑ මේ මොකක්ද කියලා . අවුරුදු  ගණනාවකට පස්සේ මේ සෑම කොලයක්ම නැවත එලියට අරගෙන වර්තමානයේ පාසලේ ඉගෙනුම ලබන ළමයින්ට  බෙදා දෙනවා . අර අත්භූත කොලය ලැබෙන ළමයාගේ තාත්තා හොයාගන්නවා මේ මොකක්ද කියලා . ඒ කොලයේ තිබෙන අංක වලින් පවසන්නේ අනාගතයදී වන අනතුරු ගැන . මෙම තාත්තා එම අනතුරු නැවැත්වීමට කොතරම් උත්සාහ කලත් ලෝකය විනාශ වෙනවා . එහෙත් ඔහුගේ ළමයත් තවත් ළමයෙකුත්  යම් අත්භුත මිනිස් කාණ්ඩයක් සමඟ ජීවිතය බේර ගන්නවා .




ටොරන්ට්  බාගත කරන්න - Knowing (2009 ) 
IMDB Rating                    - IMDB Rating 


බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

Rush Hour (බලනවා නම් බලන්න මෙන්න ටොප් ෆිල්ම්)





මම මේ ෆිල්ම් එක ළගදි ටී.වී එකෙන් බැලුවා. බලපු අයත් මෙතන ඇතිනේ . පට්ට fighting ටිකක් තමා තියෙන්නේ . මේකේ සුප්‍රකට නළු ජැකී චැනුත් ( Jackie Chan) ඉන්නවා. එයාගේ තමයි වැඩකෑලි ටික තියෙන්නේ. මේකේ සාරාංශය මෙන්න මෙහෙමයි.  එක්තරා මිනිහෙක් ඉන්නවා . මිනිහගේ වැඩේ චීනෙ කෞතුක වස්තු හොරකන් කරන එක . මේ හොරකම, ලී  ඒ කියන්නේ ජැකී  චෑන් තවත්  ලොක්කෙක් එක්ක  එකතු  වෙලා  නවත්තනවා.  එකේ පලියට අර  මිනිහා හොරකම අල්ලගත්තු මිනිහගේ දුව පැහැර ගෙන කප්පම් ගන්නවා.  ඔන්න ඔය සම්බන්ධවයි කතාව ගලා ගෙන යන්නේ . ඔය අතරේදී ලී ඒ කියන්නේ ජැකී  චෑන්  දුවව බේර ගන්න යන කොට එක එක වැඩකෑලි පෙන්වනවා . ඒ අතර ලී ගේ සහයකයා  කාර්ටර් (Chris Tucker එක එක ජොලි වැඩ කරනවා . සහයකයාත් නියම වැඩකරු.  බලලම ප්‍රතිචාරයක් දක්වන්න හොඳේ .

බාගත කරන්න - 1. The pirate Bay.com (link 1)
                          2. The Pirate Bay.com (link 2)
                          3.torrentz.eu ( link 3)

IMDB  Rating - IMDB ( Link )


                          

Wednesday, January 18, 2012

ඔවදනක්

එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින්  ,
ඉඳගන්න-තව කෙනෙකුට අපහසුවක් නොවෙන අයුරින්  ,
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්  ,
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නොවෙන යමක්  ,
ලියන්න - දැනුමත් , වින්දනයත් ලබා ගත හැකි යමක්  ,
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් නොවෙන යමක් ,
කතා කරන්න- අවශ්‍ය දෙයක් පමණක්,
සිනහ වෙන්න  - සමච්චලයට නොව හදවතින්ම ,
කියන්න - අයහපතක් නොවන ඕනෑම දෙයක් ,
අහන්න - කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් ඕනෑකමින් ,
බලන්න - දෙනෙතට මනසට ප්‍රිය කරන දෙයක් ,
ඉන්න - කිසි විටක කිසිවකුට කරදරයක් නොවන අයුරින් ,
අඳින්න - පිරිසිදුව චාම්ව සංස්කෘතියට ගැලපෙන සේ  ,
ඉගෙන ගන්න - හැම වෙලාවකම යමක් ,
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන් , 
උත්සාහ කරන්න - උත්සාහ කලොත් කල නොහැකි දෙයක් නොමැති නිසා  ,
සෝදන්න -අනෙක්වා මෙන් හදවතත් , 
ඉතිරි කරන්න - ටිකින් ටික සතෙන් සතේ අනාගතය වෙනුවෙන්  ,
නාන්න - ගතත් සිතත් පිරිසිදු වන අයුරින්  ,
නිදා ගන්න - විරාමයක් ලබා ගන්නට පමණක්   ,
නැගිටින්න - කොන්ද පණ  ඇති කෙනෙකු ලෙසින්   ,
ඇවිදින්න - බලන්නට බොහෝ දේ ඇති නිසා   ,
යන්න -  යා යුතු මඟ ඉදිරියට නොබියව   ,
හදන්න - සමාජයට වැඩදායි පුද්ගලයෙක්   ,
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කල සැබෑ මනුෂ්‍යයෙක් ලෙස සතුටින්   ,

Saturday, January 7, 2012

Let's Crate

ෆයිල් upload කොට රැදවිය හැකි Let's Crate.
පරිගණකයේ ඇති නොයෙක් ෆයිල්ස් බැකප් කිරීමට මේ වෙත එක් කළ හැක .ඊට අමතර වශයෙන් ඒවා හිත මිතුරන් වෙත ලබා දීමේ අතරමැදි ස්ථානයක් ලෙසද මෙම වෙබ් සේවය භාවිතා කරන්නට පුළුවන.
එයට පිවිසීමට සහ වැඩි විස්තර සඳහා -http://www.letscrate.com/